28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 50 කට ආසන්න වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් රේගුවේදී මාට්ටු

කෝටි 50 කට ආසන්න වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් රේගුවේදී මාට්ටු

රුපියල් කෝටි 50 කට ආසන්න වටිනාකමින් යුත් සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශය අද (22) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ඩුබායි සිට කොළඹ පිටකොටුවේ ආයතනයකට රෙදි රෝල් ලෙස සඳහන් කර එවා තිබූ අඩි 20 බහළුම පිළිබඳව ඇති වූ සැකයක් හේතුවෙන් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශය පරීක්ෂා කර භාරයට ගත් බවත් එහි බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත සිගරට් 2,999,400 ක් ගබඩා කර තිබූ බවත් රේගුව පවසයි.

සිගරට් තොගය පිළිබඳව ශ්‍රී ලංකාවේ නැව් නියෝජිත ආයතනය හරහා ඩුබායිහි නියෝජිත ආයතනයෙන් කරුණු විමසා ඇති බවත් නීතිවිරෝධී ආයතනය සහ පුද්ගලයන් පිළිබඳව ද රේගු ආදායම් අධීක්‍ෂණ අංශය වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

ආර්.සී.ටී. පර්යන්තයේදී මෙම බහලුම අද (22) පස්වරුවේ විවෘත කළ අතර එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද සහභාගි විය.