28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්ද දායකයින්ගෙන් මැතිවරණ කොමිසමට මනි ඕඩර්

ඡන්ද දායකයින්ගෙන් මැතිවරණ කොමිසමට මනි ඕඩර්

පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මනි ඕඩර් යැවීමේ සිද්ධියක් වාර්තා වෙයි.

ඔවුන් අද (22) පාදුක්ක තැපැල් කාර්යාලයේදී මෙම ක්‍රියාදාමය සිදු කර ඇති අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නමට රුපියල් සියයේ සිට රුපියල් පන්සියය දක්වා මුදල් ඇණවුම් යැවීම සිදු කර තිබේ.

එම පිරිස පවසන්නේ මැතිවරණය යනු ව්‍යවස්ථානුකූලව ජනතාවට ලැබී ඇති මූලික අයිකිවාසිකමක් බවත් එම මැතිවරණය පවත්වා ජනතා අයිතීන් රැක දීම රජයේ වගකීමක් බවත්ය.

එලෙස තම මූලික අයිතිය රැක දීමට රජයට මුදල් නොමැති බව පවසන බැවින් එම අයිතිය රැක ගැනීම වෙනුවෙන් තමන් විසින්ම උපයා ගත් මුදල් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යැවීමට කටයුතු කළ බවයි ඔවුන් පවසන්නේ.