22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු කොරියානු තානාපති හා කථානායක අතර හමුවක්

දකුණු කොරියානු තානාපති හා කථානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියෝන් මහතා ඇතුළු දකුණු කොරියාවේ බුසාන් මෙට්‍රොපොලිටන් නගර සභාවේ සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන හමු වී සාකච්ඡා කර තිබෙනවා.

දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙන්ම 2030 වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත බුසාන් ලෝක ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවති බව සඳහන්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා – දකුණු කොරියානු මිත්‍රත්ව සංගමය නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන සහ කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරු ද කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගී වී සිටියා.