― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වාරයේ සිට පාසල්වලට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වාරයේ සිට පාසල්වලට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වාරයේ සිට පාසල් පද්ධතියට හඳුන්වා දෙන බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි.

මේ යටතේ පාසල් විෂය නිර්දේශය ඉගැන්වීමේ ක්‍රම හා විභාග ක්‍රමයේ පැහැදිලි වෙනස්කම් රැසක් සිදු කරන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේ.

21 වැනි සියවසේ වැඩ ලෝකයට ගැලපෙන දරුවෙකු නිර්මාණය කිරීම නව ප්‍රතිසංස්කරණවල අරමුණ බවයි ඔහු ප්‍රකාශ කළේ.

නව ප්‍රතිසංස්කරණ යටතේ විභාග ක්‍රමයෙන් පමණක් දරුවාගේ දැනුම මැනීමේ ක්‍රමය වෙනස් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

දැනට පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රායෝගික දරුවෙකු නිර්මාණය නොවන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.