23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාඩු ලබන ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට

පාඩු ලබන ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට

ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ ආයතන පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) පනාගොඩ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු බස් රථ 40 ක් බෙදාදීම නිමිත්තෙන් පනාගොඩ අශෝක් ලේලන්ඩ් ආයතනයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරැණු අනාවරණය කළේය.

මේ වන විට රියදුරන් සහ කොන්දොස්තරවරැන්ගේ හිඟය නිසා බස් ඩිපෝ 107 ක බස් රථ 800 ක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරැ 1600 දෙනෙකු තාවකාලික පදනම මත බදවා ගැනීමට නියමිත බවද අමත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.