28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාර්තු මාසයේ රජයේ ගෙවීම් ලබාදීමේ ගැටලුවක්

මාර්තු මාසයේ රජයේ ගෙවීම් ලබාදීමේ ගැටලුවක්

මාර්තු මාසයේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුබසාධන ගෙවීම් ඇතුළු දෛනික වියදම් සඳහා රුපියල් බිලියන 23ක හිඟයක් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මාර්තු මාසය සඳහා අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 173ක් වන අතර වැටුප් සහ ධාවන වියදම් සඳහා රුපියල් බිලියන 196ක් අවශ්‍ය බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

මේ අනුව රුපියල් බිලියන 23 ක හිඟයක් පවතින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ මාර්තු මාසයේදී ගෙවිය යුතු ණය සහ පොළිය රුපියල් බිලියන 508ක් බවත්, ඒ අනුව මාර්තු මාසයේ හිඟය රුපියල් බිලියන 554ක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.