29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 06කට අක්ෂි කාච හිඟවෙයි

මාස 06කට අක්ෂි කාච හිඟවෙයි

රජයේ රෝහල්වලට අවශ්‍ය අක්ෂි කාච ගෙන්වීම තවත් මාස 06ක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය පවසයි.

ඉදිරිපත් වූ මිල ගණන් යටතේ අක්ෂි කාච ලබා දීමට නොහැකි බව සැපයුම්කරුවන් දැනුම් දීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ. අක්ෂි කාච මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මීට වසරකට පෙර ටෙන්ඩර් කැඳවා තිබූ නමුත්ප සුගිය වසරේ ඉදිරිපත් කළ මිල ගණන්වලට අක්ෂි කාච සැපයිය නොහැකි බවයි සැපයුම්කරුවන් අමාත්‍යංශයට දැනුම් දී ඇත්තේ.

ඔවුන් පවසා ඇත්තේ අක්ෂි කාචවල මිල සංශෝධනයක් සිදුකරන ලෙසයි. කෙසේනමුත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ටෙන්ඩර්කරුවන් එසේ මිල සංශෝධනයක් ඉල්ලා සිටින්නේ නම් ඒ සම්බන්ධව මහ භාණ්ඩාගාරය වෙත දැනුම් දීමක් සිදුකළ යුතු බවයි.