26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමැතිව්ස් යළි එක්දින සංචිතයට කැඳවයි ?

මැතිව්ස් යළි එක්දින සංචිතයට කැඳවයි ?

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් කැඳවා ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ලබන මාර්තු මස පැවැත්වෙන මෙම තරඟාවලියට මැතිව්ස් ඇතුළත් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ.

‘එංගලන්ත ලයන්ස්’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඇතුළු තරුණ ක්‍රීඩකයන් කීපදෙනෙක් ද එම සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බව ද සඳහන්.

නවසීලන්ත සංචාරයට එක් වන සංචිතය නිල වශයෙන් හෙට පෙරවරුවේ නම් කිරීමට නියමිතයි.

ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට එක්වන්නේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයක්.