29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොළය මියගිය අයෙකුගේ අවයව තිදෙනෙකුට පරිත්‍යාග කෙරේ

මොළය මියගිය අයෙකුගේ අවයව තිදෙනෙකුට පරිත්‍යාග කෙරේ

ගසකින් වැටීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මොළය මිය ගොස් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකුගේ අවයව පරිත්‍යාග කිරීමට බිරිඳ එකඟ වීමෙන් අනතුරුව ඔහුගේ අවයව පුද්ගලයින් තිදෙනෙක්ට පරිත්‍යාග කර තිබේ.

පෙර පාසලට ඇතුළත් කර ඇති අවුරුදු තුනහමාරක් වයසැති තම පුතුට පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා කරාබු නැටි කැඩීමේදීයි මෙම පුද්ගලයා ගසකින් වැටී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ මැණිකින්න උඩගම ප්‍රදේශයේ බන්දුල සේනාරත්න නම් අයෙකි. ඔහුගේ අක්මාව සහ වකුගඩු රෝහලේදී සාර්ථකව රෝගීන් තිදෙනෙකුට බද්ධ කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ශල්‍ය වෛද්‍ය බුද්ධික දසනායක පවසයි.

ගසකින් වැටී බරපතළ තුවාල ලැබූ බන්දුලගේ ජීවිතය බේරා ගැනීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය වෙහෙස නොබලා කටයුතු කළහ.