25.6 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ රෝහල්වලට ඉන්ධන සැපයීමට ජපානයෙන් මානුෂීය ආධාර

රජයේ රෝහල්වලට ඉන්ධන සැපයීමට ජපානයෙන් මානුෂීය ආධාර

රජයේ රෝහල් සඳහා ඩිසල් ඉන්ධන සැපයීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 46 ක් වටිනා මානුෂිය ආධාර සැපයීමක් කර තිබෙනවා.

2022 වර්ෂයේ දී ස්පානය විසින් මෙරටට ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 104ක ආධාර ප්‍රදානයේ කොටසක් ලෙසින් ලැබුණු මෙම මානුෂීය ආධාර ප්‍රධානය අද (22) ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකොෂි හිඳෙකි විසින් මහා භාණ්ඩාගාරයේ ලේකම් කේ.එම්.එම්.සිරිවර්ධන වෙත භාරදී තිබෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් පවතින ඉන්ධන හිඟය හේතුවෙන් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් 1,180කට විදුලිය විසන්ධි කිරීමේ දි සහ හදිසි වෛද්‍ය මෙහෙයුම නොවන අවස්ථා වලදි වෛද්‍ය සේවා අත්හිටුවීමට සිදුව තිබෙන පසුබිමක ජ්‍යාන රජය විසින් මෙම මානුෂීය අධාරය ශ්‍රී ලංකාව වෙත පිරිනමන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවාවන් තිරසාර අන්දමින් පවත්වාගෙන යෑම සඳහා වන සහයක් ලෙසයි.

මෙම මානුෂිය සහයෝගය හරහා රජයේ රෝහල් වෙත ඩිසල් ඉන්ධන ලීටර් මිලියන 20 ක් ලබා දෙනු ලබනවා.