― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජ්‍ය ඇමතිවරුන්ට වාහන ගෙන්වූ කතාව බොරුවක්

රාජ්‍ය ඇමතිවරුන්ට වාහන ගෙන්වූ කතාව බොරුවක්

රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන 239ක් ආනයනය කර ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය හරහා සංසරණය වූ රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා ගෙන්වූ වාහන 239ක් වරායේ තබා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ 2021 වසරෙන් පසු මෙතෙක් කිසිදු වාහනයක් ආනයනය කිරීමට කිසිදු අවස්ථාවක සාකච්ඡාවක් හෝ සිදු කර නොමැති බවයි.

එමෙන්ම බදු නොගෙවීම හේතුවෙන් ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ ඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළ වන වාර්තාද සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි ඔහු අවධාරණය කළේ.