25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සංදේශන කුළුණුවලින් ශ්‍රී මහා බෝධින් වහන්සේට හානි වන්නේ දැයි සෙවීමට කමිටුවක්

විදුලි සංදේශන කුළුණුවලින් ශ්‍රී මහා බෝධින් වහන්සේට හානි වන්නේ දැයි සෙවීමට කමිටුවක්

අනුරාධපුරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා ගැන සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය S. A. ක්‍රිෂ්ණරාජා, විදුලි සංදේශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් – H. රණතුංග සහ අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර මෙම කමිටුවේ සාමාජිකයන් වනවා.