28.4 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුවිසල් නිවසේ ජයටම කරගෙන ගිය බූරුපොළක් වටලයි

සුවිසල් නිවසේ ජයටම කරගෙන ගිය බූරුපොළක් වටලයි

පිළියන්දල දැල්තර ප්‍රදේශයේ තාප්පයකින් වට කරන ලද සුවිසල් නිවසක මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි කාන්තාවන් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සූදු පොළේ තිබී රුපියල් 73940ක මුදලක් සහ කාඩ් කුට්ටම ද පොලිස් බාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාරියක් අතර නිවෙස් හිමි කාන්තාව, ඇයගේ ඥාති දියණියක් සහ මවක් හා දියණියක් ද වන බව සඳහන්. මෙම නිවස වටලන අවස්ථාවේ දී එහි ප්‍රධාන ගේට්ටුව ද වසා ඔත්තු බැලීම සඳහා පුද්ගලයන් දෙදෙනකු ගේට්ටුව අසල රඳවා තිබූ බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරීන් රහසිගතව නිවස පිටුපස තාප්පයෙන් පැන ගොස් මෙම වැටලීම සිදු කළ බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් කොටගෙදර, දැල්තර ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.