26.1 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews24 වැනිදා වෙළඳ අමාත්‍යංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක්

24 වැනිදා වෙළඳ අමාත්‍යංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක්

2023 පෙබරවාරි 24 දින වෙළඳ අමාත්‍යාංශය සහ වාණිජ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානමක් පවතී.

රට පුරා විසිරී සිටින පුවක් ගොවීන්, පුවක් එකතු කරන්නන්, අතරමැදියන් සහ ජාවාරම්කරුවන් නොවන දේශීය අපනයන කරුවන් මෙම උද්ඝෝෂණය පැවැත් වීමට සූදානම් වෙමින් පවතී. විශේෂයෙන්ම මෙම පුවක් අපනයනය නතර කොට මේ වන විට මාස තුනක් ගත වී ඇත.

පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හේතුකොට ගෙන පුවක් ගොවීන් සහ එම ව්‍යාපාරය ආශ්‍රිත විශාල ජනතාවක් අන්ත අසරණ භාවයට පත් වී ඇත. එම ජනතාව වර්තමාන වෙළඳ අමාත්‍යවරයා වන නලින් ප්‍රනාන්දු මහතා සහ ඉහළ පෙළේ දූෂිත නිලධාරීන් සිටින වාණිජ දෙපාර්තමේන්තුව වෙත දැඩි අප්‍රසාදය පළ කර ඇත.

මෙම අසරණ පවුල් ඉල්ලා සිටින්නේ පාට පක්ෂ භේදයකින් තොරව තම උද්ඝෝෂණයට සහාය පළ කරන ලෙසයි. මෙලෙස පුවක් අපනයනය නතර කිරීමෙන් මසකට ඇමෙරිකානු ඩොලර් ආසන්න වශයෙන් මිලියන 50ක් සහ වාර්ෂිකව ඩොලර් මිලියන 500ක් පමණ රටට අහිමි වන බව අපනයනකරුවන් පවසයි.

රටට ඩොලර් නොමැති අවස්ථාවක මෙම තීරණය ගෙන තිබීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔවුන්ගේ අදහසයි.