27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට චක්‍රලේඛයක්

උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට චක්‍රලේඛයක්

උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා චක්‍රලේඛයක් ලබන සඳුදා වනවිට නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාසල් නිල ඇඳුම් බෙදා දීමේ උත්සවයට එක්වෙමින්.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේ කල්ගොස් පැවති උසස් පෙළ විභාගය ද සාර්ථක ව පවත්වා අවසන් කළ බවයි.

එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට පරීක්ෂකවරුන් 19,000කගේ අවශ්‍යතාවක් පවතින අතර ඒ සඳහා ඉල්ලුම් කර ඇති ගුරුවරුන් 15,000ක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා මේ වනවිටත් උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව නව චක්‍රෙල්ඛයට අනුව වෘත්තීය සංගම් උසස් පෙළ ලියූ දරුවන් ගැන සිතා සිය ප්‍රවීණ ගුරුවර ගුරුවරියන් උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.