― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical"ඡන්දය කියන මෘත දේහය දැන් තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ"

“ඡන්දය කියන මෘත දේහය දැන් තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ”

අද පළාත් පාලන මැතිවරණය නැමති මෘත දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල්ශාලාවේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ලෝකයේ බොරු වර්ග තුනක් තියෙනවා. ඒ බොරු, සංඛ්‍යාලේඛන බොරු, පට්ටපල් බොරු කියන තුනයි. ජනාධිපතිතුමා මෙතනට ඇවිල්ල තුන්වෙනි බොරුව කිව්වා. එතුමා කිව්වා ඡන්දයක් ප්‍රකාශ කරලා නැහැ කියලා. ඡන්දයට නාමයෝජනා පත්‍ර බාර දීල ඉවරයි. ඇයි එහෙම කතා කියන්නෙ. පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව අඩු කරන්න පනතක් ගෙනල්ලා තියෙනවා කියලා එතුමා කිව්වා. ඒකත් මුළුමනින්ම අසත්‍යයක්.

ඡන්දය කල් දාන කුමන්ත්‍රණය පිටුපස සිටින ඝාතකයා කවුද කියලා පැහැදිලි වුණා. මැතිවරණ දේහය අද තියෙන්නෙ වික්‍රමසිංහ මල්ශාලාවේ. රුධිරයෙන් මැතිවරණ කල් දාපු අවස්ථා ගණනාවක් තියෙනවා. සිරිමාවෝ මැතිවරණ කල් දැම්මා. ජේ. ආර්. ජයවර්ධන ඒක කළා. සංවර්ධන සභා මැතිවරණයේදී කොළඹින් මැරයන් යැව්වා යාපනයට. යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට උතුරේ තරුණයන් බැලට් එක වෙනුවට බුලට් එක තෝර ගත්තා. අනූ අටේදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මදාවිවාදය ක්‍රියාත්මක කළා. මහර අතුරු මැතිවරණයේදී ලයිට් කපලා කරපු දේ අපි දැක්කා. මැතිවරණ වංශ කතාව නිරුවත් කරලා දැම්මා. මේ ඡන්ද හතෙන් පහක් පහකටම නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂය. පහෙන් දෙකකට අගමැතිවරයා විදිහට නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා ඔහුට මේ සාපෙන් ගැලවෙන්න බැහැ.