22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 02ක් අත්අඩංගුවට

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 02ක් අත්අඩංගුවට

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ පහලොවකට ආසන්න මත්කුඩු සමඟ හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබූ මුදල් තොගයක්, යතුරු පැදියක්, ජංගම දුරකථන හා ATM කාඩ් පත් කිහිපයක්ද පොලිසිය භාරයට ගැනුණා. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු නාත්තන්ඩිය මොරකැලේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර අනෙක් සැකකරු වත්තල පදිංචි කරුවෙක්.

ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 34 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින්, ජංගම දුරකථන,ඒ ටී එම් කාඩ්පත් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.