22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාර්ලිමේන්තුවත් දැන් රූකඩයක් වෙලා - විජිත හේරත්

පාර්ලිමේන්තුවත් දැන් රූකඩයක් වෙලා – විජිත හේරත්

ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය මේ වන විට ජනපතිවරයාට ලැබී ඇති බවත් ඒ අනුව පාර්ලිමේන්තුවද දැන් රූකඩයක් බවට පත්ව ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නොවන බවත් පළාත් පාලන අයතනද ඉදිරියේදි විසුරුවා හැරෙන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

පළාත් පාලන ඡන්දය කල් දැමීම හේතුවෙන් අනාගතයේදි වාසියක් ලැබෙනු ඇතැයි ආණ්ඩුව සිතන්නේ නම් එයද හිතලුවක් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.