― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපිළිකා රෝහලේ යන්ත්‍ර අලුත්වැඩියාවට ගෙනා උපකරණ මුදා හැරේ

පිළිකා රෝහලේ යන්ත්‍ර අලුත්වැඩියාවට ගෙනා උපකරණ මුදා හැරේ

පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවා ගත් උපකරණ තොගය වහාම මුදා හැරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම රඳවා ගැනීම සිදු කර ඇත්තේ එය ආනයනය කළ පෞද්ගලික ආයතනයේ ප්‍රමාදයක් මිස රේගුවේ ප්‍රමාදයක් නිසා නොවන බවයි.

අදාළ උපකරණ ආනයනය කර රේගුව මගින් රඳවා ගෙන ඇති බවට විපක්ෂ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කිරීම පිළිබඳ ස්තුතිය පුද කළ අමාත්‍යවරයා කියා සිටියේ වහාම එම භාණ්ඩ නිදහස් කිරීමට නියෝග කළ බවයි. මෙවැනි ආනයනයකදී එය පිළිකා රෝහල වෙනුවෙන් සිදු කළ ආනයනයක් බවට ලිඛිතව රේගුව වෙත දැනුම් දිය යුතු අතර රෝහල් අධ්‍යක්ෂවරයා විසින් අදාළ ලිපිය නිකුත් කළ වහාම උපකරණ මුදා හැරි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර බදු නොගෙවීම හේතුවෙන් ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ ඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව මගින් හෝ රේගුව මගින් එවැනි රඳවා ගැනීමක් සිදු කර නොමැති අතර ඖෂධ සඳහා රජය බදු අය නොකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඖෂධ ආනයනයේදී ඒවා හැකි ඉක්මණින් නිදහස් කිරීමට සැම විටම බලධාරීන් කටයුතු කරන අතර ලියකියවිලිවල යම් අඩුවක් තිබුණ ද ඒව පසුව සම්පූර්ණ කිරීමේ පදනම මත හෝ මුලින් ම සිදු කරන්නේ ඖෂධ තොගය නිදහස් කිරීමට බව අමාත්‍යවරයා සඳහන් කළා.