31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැතිවරණය පිළිබඳ තීරණාත්මක අධිකරණ තීන්දුව අද

මැතිවරණය පිළිබඳ තීරණාත්මක අධිකරණ තීන්දුව අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ තීරණාත්මක අධිකරණ තීන්දුව අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ මාර්තු මස 09වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමත් සමග.

පෙත්සම්කරු විසින් මීට පෙර අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් තැපැල් ඡන්දය පැවැත්වීමට පෙර එනම් ඊයේ (22) දිනට පෙර අදාළ පෙත්සම සළකා බැලීමට කටයුතු කරන ලෙසට ඉල්ලීමක් කළා.

නමුත් මෝසමක් මාර්ගයෙන් පෙත්සම පසුගිය 20වනදා සලකා බලන අවස්ථාව වනවිටත් මුදල් ප්‍රතිපාදන ගැටළුවක් මත තැපැල් ඡන්දය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් ගොස් තිබුණ බැවින් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම යළි කැඳවීම පෙර නියම කළ පරිදි අද (23) දිනට සිදුකරණ ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා සහ අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද විරුද්ධත්වයක් පළ නොකළ බැවින් පෙත්සම අද කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.

අද ප්‍රකාශයට පත් කරන්නේ රටේ සැමට බලපාන තීරණාත්මක අධිකරණ තීන්දුවක්.