― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමැතිවරණ වැඩවලට තෙල් සහන නෑ

මැතිවරණ වැඩවලට තෙල් සහන නෑ

ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන වාහන සඳහා සහන ලබාදිය නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

මැතිවරණයට අදාළ කටයුතු සඳහා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 බැගින් වූ සම්පූර්ණ ධාරිතාවකින් යුත් නැව් දෙකක් අවශ්‍ය බවත් ඒ සඳහා ඩොලර් මිලියන 100 – 150ත් අතර මුදලක් මහා භාණ්ඩාගාරයට නිකුත් කිරීමට සිදු වන බවත් ඔවුන් පවසයි

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ “ඒ නිසා අපිට මේ තීරණාත්මක අවස්ථාවේදී QR කෝටාව වැඩි කරන්න හෝ මැතිවරණ කොමිසමට වෙනත් ඉන්ධන ආධාරයක් ලබා දෙන්න බැහැ.” යනුවෙනි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මැතිවරණ වාහන සඳහා QR ප්‍රතිපාදන වැඩි කිරීමට අවශ්‍ය නම් අත්‍යාවශ්‍ය සේවා, කෘෂිකර්ම සහ ධීවර යන ක්ෂේත්‍ර සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඩු කළ යුතු බවයි ඔහු පැවසුවේ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණයට අදාළ කටයුතු සඳහා භාවිත කරන වාහන සඳහා කෝටාව වැඩි කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කළද ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් ඉන්ධන ලබා නොදීම ඇතුළු විවිධ හේතූන් මත පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම මහාධිකරණයට දැනුම් දී තිබේ.