― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරත්මලාන අවි ගබඩාවෙන් සොරාගත් ගිනි අවිය හමුවෙයි

රත්මලාන අවි ගබඩාවෙන් සොරාගත් ගිනි අවිය හමුවෙයි

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අවි ගබඩාවෙන් සොරා ගෙන තිබූ T56 ගිනි අවිය සහ ජීව උණ්ඩ 120ක් සහිත මැගසින් 4 අඟුරුවාතොට කෙසෙල්හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වළ දමා තිබියදී සොයාගෙන තිබෙනවා.

අස්ථානගත වූ ගිනි අවිය සහ ජීව උණ්ඩ 120 සොයා ගත් බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කළේ. මෙම ගිනි අවිය සහ පතොරම් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් පරිදි කඩිනමින් අභ්‍යන්තර පරික්ෂණයක් ගුවන් හමුදාව විසින් ආරම්භ කල අතර ගල්කිස්ස පොලිසිය විසින් ද විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

එම විමර්ශන වලින් අනාවරණය වූ තොරතුරුවලට අනූව රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කරනු ලබන සැරයන්වරයෙකු විසින් මෙම ගිනි අවිය පැහැරගත් බවත් එම ගිනි අවිය හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ වෙල්යායක සඟවා ඇති බවටත් එම සැරයන්වරයා විසින් පාපොච්චාරණය කර තිබෙනවා.

අනතුරුව ගල්කිස්ස පොලිසිය මගින් සැකකාර සැරයන්වරයා, ගිනි අවිය සහ ජීව උණ්ඩ සඟවා ඇති ස්ථානයට රැගෙන ගිය අතර එහිදි ගිනි අවිය උණ්ඩ පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලිසිය විසින් සැකකාර සැරයන්වරයා සමග ගිනි අවිය සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇති අතර මේ සම්බන්ධව සිදුකරනු ලබන පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීමට කටයුතු කරන බවයි ගුවන් හමුදාව කියාසිටියේ.