28 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලබන සතියේ අලුත් මැතිවරණ කොමිසමක්

ලබන සතියේ අලුත් මැතිවරණ කොමිසමක්

මැතිවරණ කොමිසම අලුතින් පත් කරන ලෙසට කළ ඉල්ලීමට එකඟ වෙමින් ලබන සුමානේ රැස්වී ඒ කාර්යය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමෙන්තුවට දැනුම් දුන්නේය.

ඒ අලුතෙන් මැතිවරණ කොමිසමක් පත්කර හෝ මැතිවරණය තබන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වෙත කළ ඉල්ලීමට පිළිතුරු ලබාදෙමිනි.

මැතිවරණ කොමිසමේ තුන් දෙනෙක් විතරක් ඡන්දය පවත්වන දිනය පිළිගෙන තිබේ නම් අලුතින් කොමිසමක් පත් කර හෝ ඡන්දය පවත්වන ලෙසද ජයසේකර එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මේ අතර විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර නැගී සිටිමින් මැතිවරණ කොමිසම නැවත පත් කළ යුතු බවට දයාසිරි ජයසේකර මහතා කළ යෝජනාව තමා විසින් ස්ථිර කරන බව කියා සිටියේය.