27.2 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවී මිලදී ගැනීමට බිලියන 20ක් වෙන් කෙරේ

වී මිලදී ගැනීමට බිලියන 20ක් වෙන් කෙරේ

වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 20 ක මුදලක් වෙන් කිරිමට සුදානම් බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ජාතික ගොවි සමුළුවේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීම සිදු කරන්නේ වී අලෙවි මණ්ඩලය මගින් නොවන අතර වී මිල දී ගැනීමේ යාන්ත්‍රණය දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වී කිලෝග්‍රෑම් 01ක් රුපියල් 100ක් බැගින් මිල දී ගැනීමට යි කටයුතු යොදා ඇත්තේ. ඒ සඳහා මින් පෙර රුපියල් බිලියන 10ක් වෙන් කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. මෙවර දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් මිල දී ගන්නා වී මාස දෙකක් යන තෙක් අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් බැගින් ලබා දීමටයි රජය කටයුතු යොදා ඇත්තේ.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහනය ලබා දීමට කලින් තීරණය කර තිබු නමුත් පසුව ජනාධිපතිවරයා එම පවුල් සංඛ්‍යාව ලක්ෂ 29ක් දක්වා වැඩිකර තිබෙනවා.