31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇවිලුණු ගින්න නිවා දැමූ හලාවත රෝහල් සේවකයෝ

ඇවිලුණු ගින්න නිවා දැමූ හලාවත රෝහල් සේවකයෝ

හලාවත මහ රෝහල ආසන්නයේ ඉඩමක ඇති වූ ගින්නක් පැතිර යාමට නොදී පාලනය කිරීමට රෝහල් සේවකයින් සහ ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

ඊයේ (23) රාත්‍රි කාලයේ මෙම ගින්න හට ගෙන ඇති අතර රෝහල පිටුපස සායනික අපද්‍රව්‍ය ගොඩගසා ඇති ස්ථානයට යාබදව පිහිටි ඉඩමක මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න හට ගැනීමත් සමඟ වහාම ක්‍රියාත්මක වී ඇති රෝහල් කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ නිලධාරීන් සහ හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය පැතිර යමින් තිබූ ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

හටගත් ගින්න පාලනය නොකළේ නම් රෝහල් පරිශ්‍රයට සහ ඒ අසළින් ඇද තිබූ අධිබලැති විදුලි රැහැන් පද්ධතියට ද හානි සිදුවීමට ඉඩ තිබූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.