29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑක්දරු මවකට අතපය විසි කළ මාළිමාවේ අපේක්ෂකයා අත්අඩංගුවට

එක්දරු මවකට අතපය විසි කළ මාළිමාවේ අපේක්ෂකයා අත්අඩංගුවට

එක්දරු මවකට පහරදුන් බව කියන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය සඳහන් කරනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කළුතර නගර සභාවට ජාතික ජන බලවේගයෙන් තරග වදින අපේක්ෂකයකු බවයි වාර්තා වන්නේ.

හර්ෂණී මේනකා නැමැති කළුතර උතුර, ෆොන්සේකා පාරේ පදිංචි කාන්තාවක් පොලිසියට පැමිණ ඊයේ (23) සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරු සහ පැමිණිලිකාරිය අසල්වැසියන් බවත්, කලක සිට පවතින ආරවුලක් බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය යාමෙන් පසු මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පැමිණිල්ල සිදුකිරීමෙන් පසු පැමිණිලිකාරිය කළුතර ශික්ෂණ රෝහලට ඇතුල්ව ඇති අතර අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.