29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනාවෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු චීන සංචාරක කණ්ඩායම

කොරෝනාවෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු චීන සංචාරක කණ්ඩායම

කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමත් සමඟ පළමු චීන සංචාරක කණ්ඩායම මාර්තු 3 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

කොරෝනා වසංගතයෙන් පසු සංචාරය කිරීමට හොඳම රටවල් 20 අතරට චීනයද ශ්‍රී ලංකාව නම් කර තිබේ. මෙම සංචාරකයින් රැගත් ගුවන්යානය මාර්තු 3 වැනිදා ෂැංහයි පුඩොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වේ.

චීනයෙන් වැඩි සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දුවක් දක්වන බවයි ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් අනුර ප්‍රනාන්දු එරට මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

පෙබරවාරි 6 වැනිදා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් රටවල් 20 ක් සහ කලාප වෙත සංචාරය කිරීම සඳහා කණ්ඩායම් වෙන්කරවා ගැනීමට සංචාරක ආයතනවලට අවසර දීමට තීරණය කළේය.

මෙම තත්ත්වය මත ෂැංහයි සහ කොළඹ අතර ඍජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. 2018 වසරේ චීනයෙන් සංචාරකයන් 280,000ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. බෞද්ධ සංස්කෘතියේ උරුමය, තේ වතු, මැණික් හා ස්වභාවික සෞන්දර්යය මේ සියල්ල චීන සංචාරකයින් ආකර්ෂණය කරන බව නියෝජ්‍ය කොන්සල් අනුර ප්‍රනාන්දු එහිදී පැවසීය.