31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුම්රියේ ගිය සුදු කතට කැත වැඩක් කළ සැකකරු රිමාන්ඩ්

දුම්රියේ ගිය සුදු කතට කැත වැඩක් කළ සැකකරු රිමාන්ඩ්

උඩරට මැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරු ලබන මාර්තු මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු අද බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ. බණ්ඩාරවෙළ වලස්බැද්ද ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු වන සැකකරු කොළඹ සිට ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ ඇල්ල දක්වා ගමන් කරමින් සිටි තායිලන්ත කාන්තාවකගේ හිසට සෙරෙප්පුවකින් පහර දී තිබුණේ පසුගිය 21 වනදායි.

දුම්රිය මාර්ගය අයිනේ සිටි සැකකරු 21 දින සවස 5.30ට පමණ සෙරෙප්පුවකින් පහර දෙන අයුරු දුම්රියේම ගිය පුද්ගලයෙකු වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් පසු එය බණ්ඩාරවෙළ ප්‍රදේශයේ සිදුවීමක් බවට දැනගත් පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණා.