― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනියමිත කාලයට මැතිවරණ පැවැත්වීම රජයේ යුතුකමක්

නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම රජයේ යුතුකමක්

නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම රජයේ සහ ජනාධිපතිවරයාගේ යුතුකමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද (24) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මුදල් නොමැති නම් මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි. තම පක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණයට සූදානම් බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

තමාගේ රජය මැතිවරණ කල් දැමීමට කටයුතු නොකළේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් පැවතීම හේතුවෙන් වන අතර වත්මන් රජයට ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නොමැති වීම හමුවේ මැතිවරණ කල් දමන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මැතිවරණයක් පැවැත්වුව හොත් එහි ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරයාට මෙන්ම රජයට ඇති කැමැත්ත තේරුම් ගැනීමට හැකිවනු ඇති බවයි මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ ඔහු අගමැති ධුරයට පත් කිරීමේ සූදානමක් පවතින්නේ ද යන්නයි.

අගමැතිවරයෙකු ධුරයේ කටයුතු කරන බැවින් එවැනි අවශ්‍යතාවක් පැන නොනගින බවයි ඊට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ. තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු බැසිල් රාජපක්ෂ ඇතුළු නියෝජිතයන් විසින් සංවිධාන කරනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ සඳහන් කළා.