26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportප්‍රථම වරට කෝෆ්බෝල් කණ්ඩායමක් දිවයිනට

ප්‍රථම වරට කෝෆ්බෝල් කණ්ඩායමක් දිවයිනට

ජාත්‍යන්තර ‘කෝෆ්බෝල්’ කණ්ඩායමක් ප්‍රථම වරට දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ රාත්‍රී මෙලෙස දිවයිනට පැමිණියේ ක්‍රීඩකන් 09 දෙනෙකුගෙන් යුත් හොංකොං ‘හැමසිං’ කෝෆ්බෝල් ක්‍රීඩා කණ්ඩායමයි. කෝෆ්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම සහ වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කෝෆ්බෝල් කණ්ඩායමට පුහුණුවක් ලබා දීම ඔවුන්ගේ මෙම සංචරයේ අරමුණයි.

2023 බෙල්ජියමේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම කණ්ඩායමේ පහුණුව සහ අත්දැකීම් ලබාදීම අපේක්ෂා කරනවා.

බාස්කට් බෝල් සහ නෙට්බොල් ක්‍රීඩාවට සමාන කෝෆ්බෝල් ක්‍රීඩාව ලෝකයේ පැරණිතම මිශ්‍ර ක්‍රීඩා ඉසව්වක් වන අතර 1902 වසරේ දී නෙදර්ලන්තයේ එය ආරම්භ වී ඇත. මෙම ක්‍රීඩාව සදහා එක් පිළකට කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත් අතර ඔවුන් එකිනෙකාගේ ඇගේ නොගැටී ක්‍රීඩා කළ යුතුයි.

හොංකොං කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කෝෆ්බෝල් සංගමයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා කෝෆ්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා.