29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණයට වැට බඳින කුමන්ත්‍රණකරු ජනපතියි - සජිත් ප්‍රේමදාස

මැතිවරණයට වැට බඳින කුමන්ත්‍රණකරු ජනපතියි – සජිත් ප්‍රේමදාස

ජනපති පිස්සුවෙන් හැසිරෙන බවත් මැතිවරණයට වැට බඳින කුමන්ත්‍රණකරු වෙන කවුරුත් නොව ජනපති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ජන හමුවක් අමතමිනි.

එහිදී හෙතෙම අවධාරණය කළේ ජනාධිපතිවරයා පිස්සුවෙන් මෙන් නන්දොඩවන බවත් මැතිවරණයක් නැතැයි ප්‍රකාශ කරමින් ඔහු උමතුවෙන් මෙන් හැසිරෙන බවත් මැතිවරණයක් නැත්නම්, නැති මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දුන්නෙ කෙසේදැයි ප්‍රශ්න කරන බවත්ය.

නාමයෝජනා කැඳවීමේ දින නම් කොට, මැතිවරණ පවත්වන දිනය නම් කොට සියල්ල තීන්දු කොට තිබියදීත් ජනාධිපතිවරයා පිස්සු කතා කියමින්, විකෘති ලෙස හැසිරෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමා මැතිවරණ නවත්තන මහමොළකරු වෙන කිසිවෙක් නොව ජනාධිපතිවරයා බවද පැවසීය.