24.5 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද

පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම මැයි මස 11 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) තීරණය කළා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම කොමිසම අද (24) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බවයි වාර්තා වුණේ. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාවලිය, ඒ සඳහා පවතින රාජ්‍ය ආයතනවල දායකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.