24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtමිනිත්තු තුනෙන් ආක්ෂේ කුමාර් තැබූ ගිනස් වාර්තාව

මිනිත්තු තුනෙන් ආක්ෂේ කුමාර් තැබූ ගිනස් වාර්තාව

මිනිත්තු තුනකදී සෙල්ෆි ඡායාරූප 184ක් ගනිමින් ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් ගිනස් වාර්තාවක් පිහිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මෙම ඡායාරූප ගෙන තිබුණේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන Selfiee සිනමාපටයේ ප්‍රවර්ධන කටයුත්තක් අතර ඔහුගේ රසික රසිකාවියන් සමග වීම විශේෂත්වයකි.

ඒ අනුව මිනිත්තු 3ක් තුළ වැඩිම සෙල්ෆි ඡායාරූප ප්‍රමාණයක් ගත් පුද්ගලයා ලෙස ආක්ෂේ කුමාර් ගිනස් වාර්තා පොත අලුත් කළේය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඇමරිකානු ජාතිකයෙක් වන ජේම්ස් ස්මිත් වන අතර ඔහු විනාඩි 3ක් තුළ සෙල්ෆි ඡායාරූප 168ක් ගෙන තිබිණි. ඒ 2018 වසරේදී Carnival Dream නමැති සුඛෝපභෝගී මගී නෞකාවක් තුළය.

කෙසේනමුත් ආක්ෂේ වාර්තාව පිහිටු වූ අවස්ථාවේ මෙතෙක් කලක් තමා සමග සිටි සියලුම රසික රසිකාවියන්ට උණුසුම් ලෙස ස්තුතිය පළ කර තිබිණි.

ඔහුගේ Selfiee චිත්‍රපටය අද (24) සිට තිරගත වෙයි.