25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේ කොරියානු රැකියා සඳහා ඉතිහාසගත ඉල්ලුමක්

මේ වසරේ කොරියානු රැකියා සඳහා ඉතිහාසගත ඉල්ලුමක්

දකුණු කොරියාවේ රැකියා සදහා ඉතිහාසයේ වැඩිම ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් මේ වසරේ ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම ගණන 85 072ක්. පසුගිය වසරේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ඉදිරිපත් වී සිටි අයදුම්කරුවන් ගණන 31378 ක් වන අතර එම ප්‍රමාණය මේ වසර වනවිට දෙගුණයද ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වසරේ 07 වන කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය පැවැත්වෙන අතර ‘නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා’ විභාගය මාර්තු 13 වන දිනත් ‘ධීවර ක්ෂේත්‍රයේ රැකියා විභාගය සැප්තැම්බර් 01 දිනත්’ ආරම්භ වීමට නියමිතයි.

විභාගය පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර ඒ සදහා 2023.02.13 දින සිට 2023.02 23 (ඊයේ) දිනය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වීමට කාලය ලබා දී තිබුණා.

කොරියානු භාෂා පරික්ෂණ විභාගය සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk මගින් ලබාගත හැකියි.