30 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහිණී කවිරත්නගෙන් පොලිස්පතිවරයාට ලිපියක්

රෝහිණී කවිරත්නගෙන් පොලිස්පතිවරයාට ලිපියක්

අධ්‍යාපන අමාත්‍යංශයේදී රාජකාරී කටයුතුවල නිරතව සිටි ගුරුවරුන් පිරිසකට පහරදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

මන්ත්‍රීවරිය සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ මෙම සිදුවීම මේවන විට සමාජයේ සහ ගුරු ප්‍රජාව අතර බරපතල ලෙස අප්‍රසාදයකට ලක්වී ඇති බවයි. මෙලෙස පහරකෑමට ලක්වූ ගුරුවරුන් එදින රාජකාරී කටයුතුවල නිරතව සිට ඇති අතර මෙම පොලිස් නිලධාරීන් බීමතින් සිට ඇති බවට ද අදාළ පාර්ශවයන් තමා වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවයි මන්ත්‍රීවරිය සිය ලිපියේ දක්වා ඇත්තේ.

ඒ අනුව මෙම අනීතික ක්‍රියාදාමයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් හඳුනාගෙන වහාම ඔවුන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසටයි රෝහීණී කවිරත්න පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.