23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලොව හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට පේරාදෙණියත්

ලොව හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට පේරාදෙණියත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1000 අතරට පැමිණ තිබේ.

හොඳම ගෝලීය විශ්ව විද්‍යාල සඳහා වන US News & World Report ශ්‍රේණිගත කිරීම අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගෝලීය වශයෙන් 901 වන ස්ථානය සහ ආසියාවේ 240 වැනි ස්ථානයට පත්ව ඇත.

විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කරනු ලබන්නේ පුළුල් ලෙස පිළිගත් විශේෂතා දර්ශක මත ඔවුන්ගේ කාර්ය සාධනය මතයි. ගෝලීය පර්යේෂණ කීර්තිය, ජාත්‍යන්තර සහයෝගීතාව, ප්‍රකාශන, පොත්පත් ඇතුළුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමස්ත හොඳම ගෝලීය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම ගණනය කිරීම සඳහා දර්ශක දහතුනක් භාවිතා කර ඇත.

මැසචුසෙට්ස්හි හාවඩ් විශ්වවිද්‍යාලය හොඳම ගෝලීය විශ්ව විද්‍යාලවල සමස්ත ශ්‍රේණිගත කිරීම්වල අඛණ්ඩව ඉහළින්ම සිටී.