27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සහනයක්

වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සහනයක්

වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු ආදියෙන් අයකර ගන්නා රඳවා ගැනීමේ බද්දට අදාළව යම් සහනයක් ලබාදීම සම්බන්ධව අද (24) සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.

එමෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ හැකි සෑම අවස්ථාවකම ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් ස්ථාවර තැන්පතු ආදියෙන් රුපියල් පන්සියයක රඳවා ගැනීමේ බද්දක් අය කරන බවත් එය වසරකට පසුව ලබා දුන්නද එම බද්ද ඉවත් කරන්නේ නම් ජනතාවට සහනයක් බවත්ය.

මෙහිදී වයස අවුරුදු හැටට වැඩි ජනතාවගේ ස්ථාවර තැන්පතුවලින් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීම පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ.