29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශෂී වීරවංශට එරෙහි පාස්පෝට් නඩුව කල් යයි

ශෂී වීරවංශට එරෙහි පාස්පෝට් නඩුව කල් යයි

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශෂී වීරවංශට එරෙහි නඩුවේ විභාගය ලබන 28 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළා.

මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.

ඇයට දින තුනක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බවත් එම නීතිඥවරු වෛද්‍ය සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා. ඒ අනුව නඩු විභාගය ලබන 28 වනදාට කල්දැමූ අධිකරණය එදින වැඩිදුර විභාගය සිදුකරන බවත් නිවේදනය කළා.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේ දී සාක්ෂි දීම සඳහා හිටපු ආගමන හා විගමන පාලකවරයා සහ හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයා අධිකරණය හමුවේ පෙනී සිටියා.