26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත්ගේ සහෝදරිය අනුරට එරෙහිව නීතිමය පියවර ගනියි

සජිත්ගේ සහෝදරිය අනුරට එරෙහිව නීතිමය පියවර ගනියි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ ඔහු සිදු කළ බව කියන අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන්.

දුලාංජලී ජයකොඩිගේ නීතිඥයින් විසින් නිකුත් කරන ලද ලිපියක දැක්වෙන්නේ තම සේවාදායිකාව සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ව්‍යාජ තොරතුරු සහ අපහාසාත්මක ප්‍රකාශ සිදු කර ඇති බවටයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් දුලාංජලී ජයකොඩි විසින් අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන බවයි එම ලිපියේ සඳහන් වන්නේ.