― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසියලුම පුරවැසියන්ට එක හා සමානව සලකන යුගයක් බිහි කරනවා

සියලුම පුරවැසියන්ට එක හා සමානව සලකන යුගයක් බිහි කරනවා

රට බංකොලොත් වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට විත් පිස්සුවෙන් මෙන් දොඩවන බවත් විපක්ෂය විසින් මැතිවරණය නවත්වන ලෙස පැවසූ බවට බොරු බේගල් ඇද බාන බවත් එහෙත් සැබෑ යථාර්ථය නම් සමගි ජන බලවේගය මැතිවරණය වෙනුවෙන් මේ වන විටත් සූදානමෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (24) යාපනය දිස්ත්‍රික්කයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

වර්තමානයේ බොහෝ දෙනකු මානව අයිතිවාසිකම් ගැන කතා කළත් එය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලම පමණක් සීමා කර කතා කරන බවත් එහෙත් එයට ආර්ථික, සමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය අයිතිවාසිකම් ද නීරෝගී වීමේ අයිතිය ද මෙයට අයත් විය යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ එක අයිතියකට පමණක් සීමා නොවී සමස්ත මානව අයිතියම ශක්තිමත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ එක ජාතියක් ආගමක් ඉස්මතු වන ප්‍රමුඛයන් වන වැඩපිළිවෙළ නොව සියලු ජාති ආගම් ඉස්මතුවන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් එක මවකගේ එක පියකුගේ දුවා දරුවන් ලෙස රට ගොඩ නැගීමේ කාර්යට පණ දෙන බව විපක්ෂ නායකවරයා පැවසීය.

උතුරේත් දකුණේත් දැවැන්ත සංවර්ධන යුගයක් බිහි කරන්න පක්ෂයක් හා දේශපාලන ව්‍යාපාරයක් ලෙස කැපවෙන බවත් සමගි ජන බලවේගය පොදු ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කරන්නට අවශ්‍ය සියලුම ශක්තිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. දකුණේ ජනතාවගේ මූලික අඩුපාඩුකම් මෙන්ම උතුරේ ජනතාවගේ ද මූලික අඩුපාඩුකම් සියල්ල සපුරාලමින් රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව සළකන යුගයක් බිහි කරන බවත් රටේ පුරවැසියන් රජයේ වහලුන් ලෙස නොව තමන්ගේ දෙපයින් නැගී සිටීමේ අවස්ථාව හිමිකර දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ නිදහස් නිවහල් රටක නිදහස් නිවහල් පුරවැසියකු බිහි කරන බවයි.

ලෝකයේ සෙසු රටවල් නව තාක්ෂණය සමඟ ඉදිරියට යන විට අප රට ජාති වාදය ආගම්වාදය අවුස්සා එකතැන පල්වෙන රටක් ලෙස පහුගිය කාලයේ පැවතියත් සමගි ජන බලවේග රජයක් තුළ ඒ සියලු ජාතිවාදී ආගම්වාදී අදහස් අතහැර එකාමෙන් රට ඉදිරියට යන ගමනට දායක කර ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.