30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපි විරෝධතාකරුවන්ට බැට්න් පොලුවලින් සැලකුවේ නැහැ - නිහාල් තල්දූව

අපි විරෝධතාකරුවන්ට බැට්න් පොලුවලින් සැලකුවේ නැහැ – නිහාල් තල්දූව

ජාතික ජන බලවේගය පැවැත්වූ විරෝධතාවේදී කිසිදු අවස්ථාවක පොලිස් නිලධාරීන් එම පිරිසට බැට්න් ප්‍රහාරයක් හෝ පහර දීමක් සිදු නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, විරෝධතාකරුවන් යූනියන් පෙදෙසට ගමන් ආරම්භ කිරීමේදී ඉබ්බන්වල මංසන්ධිය ආසන්නයේදී පෙළපාලියක් යාමට අවසර දීමට නොහැකි බවට කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ අතර එහිදී පොලිසියට බාධා කරමින් පෙළපාලිය යාමට සූදානම් වූ නිසා පොලිසියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට මෙලෙස කටයුතු කිරීමට සිදු වූ බවයි හෙතෙම සඳහන් කළේ.