― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsකෘෂිකර්ම අමාත්‍යාංශයට විශේෂ විමර්ශණ ඒකකයක්

කෘෂිකර්ම අමාත්‍යාංශයට විශේෂ විමර්ශණ ඒකකයක්

කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ විශේෂ විමර්ශණ ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ විශේෂ විමර්ශණ ඒකකයක් නොමැති හෙයින් මෙවැනි ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ අතිරේක ලේකම්වරු 13 දෙනෙක් සේවය කරන අතර ඉන් කිහිප දෙනෙක් කෘෂිකාර්මික සේවයෙන් ද, තවත් කොටසක් පරිපාලන සේවයෙන් ද පත්කර තිබේ. මෙම නිලධාරින්ට රාජකාරි පැවරීම සම්බන්ධව අමාත්‍යවරයාගෙන් ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැති අතර එහි දී අමාත්‍යවරයා මෙම විශේෂ විමර්ශණ ඒ්කකයේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති අනුබද්ධ ආයතනවල නිලධාරින්ගෙන් හා කාර්යමණ්ඩලවලින් වාර්තා වන ඇතැම් අක්‍රමිකතා මෙන්ම රජය ගනු ලබන යම් යම් තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ප්‍රමාදයන් සම්බන්ධව විමර්ශණ සිදු කිරීමට සුදුසු ඒකකයක් නොමැතීවීම රාජකාරි කටයුතු ඉටු කිරීමේ දී බලවත් අඩුපාඩුවක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමනිසා ඊට විකල්පයක් වශයෙන් දැනට අමාත්‍යාංශය තුළ සිටින අතිරේක ලේකම්වරයෙක් හා කාර්ය මණ්ඩලයක් යොදවා මෙම විශේෂ විමර්ශණ ඒකකය පිහිටුවීමට කටයුතු කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

විශේෂයෙන් පසුගිය කාලයේ දී පොහොර බෙදාහැරීම, ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන ලද මුදල් විදිමත් පරිදි ගොවි ගිණුම්වලට යොමූ කිරීම සඳහා නිවැරදි තොරතුරු ලබා නොදීම වැනි සිදුවීම් ගණනාවක් වාර්තා විය.

රජයේ වැඩ පිළිවෙළවල් කඩාකප්පල් කරන ඇතැම් නිලධාරින් සම්බන්ධව වහා විමර්ශණයන් ආරම්භ කිරීම කළ යුතු වුවත් දැනට එවැනි අංශයක් අමාත්‍යාංශය තුළ නොතිබීම බරපතල අඩුපාඩුවක් ව තිබේ.

එමනිසා කඩිනමින් මෙම විශේෂ විමර්ශණ ඒකකය ස්ථාපිත කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.