― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොළඹ මහල් නිවාස වල යටිතල පහසුකම් සංවර්ධනයට පියවර

කොළඹ මහල් නිවාස වල යටිතල පහසුකම් සංවර්ධනයට පියවර

කොළඹ නගරයේ පවතින නාගරික මහල් නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට තීරණය කෙරේ. ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එහි නිළධාරීන්ට උපදෙස් දෙයි.

සභාපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ නිවාස ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද කාලිංග මාවත – කොලොම්තොට සරසවි උයන, බොරැල්ල සිරිසර උයන හා මෙත්සර උයන, දෙමටගොඩ මිහිදු සෙන්පුර හා සියපත් සෙවණ, මාලිගාවත්ත ලක්හිරු සෙවණ, සියසෙත සෙවණ හා ලක්සෙත සෙවණ, බ්ලූමැන්ඩල් සිරිමුතු උයන හා සිරිසද උයන, හේනමුල්ල රන්මිතු සෙවණ, හෙළමුතු සෙවණ, සත්හිරු සෙවණ, රන්දිය උයන, මෙත්සද සෙවණ හා මිහිජය සෙවණ, ෆර්ගියුෂන් පාර මුවදොර උයන, ඔරුගොඩවත්ත පුරදොර සෙවණ, කොලොන්නාව සංහිද සෙවණ හා ලක්සද සෙවණ යන නිවාස ව්‍යාපෘති සභාපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙහිදි මෙම නිවාස ව්‍යාපෘතිවල පවතින ගැටළු කිහිපයක් හදුනා ගැනීමට හැකි විය. මහල් නිවාස ව්‍යාපෘතිවල පවතින මලාපවාහන පද්ධති වැඩි දියුණු කිරීමට ද අවධානය යොමු විය. ඇතැම් නිවාස ව්‍යාපෘති වල විවිධ අක්‍රමිකතා සිදුවන බවත්, අනවසර ඉදිකිරීම් සිදුකර ඇති බවත් නිවැසියන් විසින් සභාපතිවරයා දැනුවත් කෙරිණ. 

ඒ අනුව පවතින අඩුපාඩු සහ ගැටළුවලට මාසයක් ඇතුළත විසදුම් ලබා දීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එහි නිළධාරීන්ට දැනුම් දුන්නේය.