29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජනතාවගේ අයිතිය උදුරාගැනීමට ඉඩ නොදෙමු - 43 සේනාංකය

ජනතාවගේ අයිතිය උදුරාගැනීමට ඉඩ නොදෙමු – 43 සේනාංකය

ජාතික ජන බලවේගය විසින් ඊයේ (26) සංවිධානය කරන ලද විරෝධතාව අතරතුර දී තුවාල ලද එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුර අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ අභාවය සම්බන්ධයෙන් 43 සේනාංකයේ සංවේගය පළකර සිටිනවා.

මෙවැනි සිදුවීම් මගින් රටේ දේශපාලනය ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට යොමු විය හැකි බැවින් එවැනි තත්ත්වයන් වළක්වාගැනීමට වගබලා ගන්නා ලෙසටයි 43 සේනාංකය සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින්නේ.

ජනතාවගේ අයිතිය උදුරාගැනීමට ඉඩ නොදෙමු! යනුවෙන් ඔවුන් යොමුකළ ලිපිය පහතින් වේ.

2023.02.27
ජනතාවගේ අයිතිය උදුරාගැනීමට ඉඩ නොදෙමු!

ජාතික ජන බලවේගය විසින් ඊයේ (26) සංවිධානය කරන ලද විරෝධතාව අතරතුර දී තුවාල ලද එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුර අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ අභාවය සම්බන්ධයෙන් 43 සේනාංකයේ සාතිශය සංවේගය මින් පළ කරමු.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය වෙනුවෙන් වූ මෙම විරෝධතාවය අතරතුර ආණ්ඩුවේ ප්‍රහාරය නිසා සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම හදිසි අනතුරක් ලෙස නොව ඝාතනයක් ලෙස සැළකීමට අපට සිදුව ඇත. මෙය ජනතාවගේ ප්‍රජා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වීමකි. ආණ්ඩුවේ මෙම මර්දන ක්‍රියාවලිය 43 සේනාංකය විසින් තරයේ හෙලා දකිනු ලබයි.
ජනතා අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් ගරුත්වයක් නොදක්වමින් ද, ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කරමින් ද, ආණ්ඩුව ගෙනයන මේ මර්දනකාරී වැඩපිළිවෙල සමාජය ප්‍රචණ්ඩත්වය කරා ගෙනයමින් තම ජන පීඩක ගමන ඉදිරියට ගෙනයාමේ ආණ්ඩුවේ දුෂ්ට ක්‍රියාන්විතයේ කොටසක් ලෙස ද 43 සේනාංකය සළකනු ලබයි.
මෙවැනි සිදුවීම් මගින් රටේ දේශපාලනය ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට යොමු විය හැකි බැවින් එවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට යොමුකිරීමෙන් වළක්වාගැනීමට වගබලා ගන්නා ලෙස සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.

43 සේනාංකය