30.6 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජාජබට එල්ල කළ ප්‍රහාරය විපක්ෂ නායක හෙළාදකී

ජාජබට එල්ල කළ ප්‍රහාරය විපක්ෂ නායක හෙළාදකී

ජාතික ජන බලවේගයේ විරෝධතාකරුවන්ට ඊයේ එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හෙළා දැක තිබේ.

ට්විටර් පණිවුඩයක් මඟින් විපක්ෂ නායකවරයා අදාළ ප්‍රහාරයට සිය විරෝධය දක්වා ඇත්තේ මෙසේය.

කිසිම නායකයෙක් හෝ පක්‍ෂයක් හැම විටම සහමුලින්ම නිවැරදි වී නැත. ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවිනි. අද ජාතික ජන බලවේගයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලද අතර බොහෝ දෙනෙකුට බරපතල තුවාල සිදුවිය. මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලිය. ආණ්ඩුව කියන්නේ ජනතාවට නිශ්ශබ්දව පැත්තකට වී සිටින්න කියාය.