― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

2023 වර්ෂයේ අය වැය ලේඛනයට අනුව මැතිවරණය සඳහා වෙන් කළ බිලියන 10ක මුදල මැතිවරණය සඳහා නිදහස් කරන්න ලෙස පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙවිටිආරච්චි ඉල්ලා සිටිනවා.

මුදල් අමාත්‍යවරයා විසින් මෙම මුදල් නිදහස් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින බවයි ඔහු පවසන්නේ.

පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය පිළිබඳව නැවත වරක් දේශපාලන නායකයින්ට සිහිපත් වීම සඳහා මැතිවරණයට ප්‍රධාන වශයෙන් බාධකයක් වී තිබෙන අරමුදල් සමිපාදන ගැටලුව විසඳා ගැනීමට සියලූ දේශපාලන පක්ෂ එකතු වී යෝජනාවක් සම්මත කරන ලෙස පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා යෝජනා කරනවා.

ආගමික උත්සව, නිදහස් උත්සව වැනි උත්සව පැවැත්වීමට අරමුණ වුයේ රටෙි ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව ජනාධිපති පැවසුව ද, ජනතාවගේ ඡන්ද අයිතිය බැහැර කරන රටක් ලෝකය ඉදිරියේ ප්‍රතිරූපය ඉහළ නංවන්නේ කුමන ආකාරයට දැයි ගැටලුවක් ඇති බවයි ඔහු පවසන්නේ.