― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalබිත්තර සඳහා අඩුකළ ආනයන බදු අදාල වන්නේ රාජ්‍ය අංශයට පමණයි - මුදල්...

බිත්තර සඳහා අඩුකළ ආනයන බදු අදාල වන්නේ රාජ්‍ය අංශයට පමණයි – මුදල් රාජ්‍ය අමාත්‍ය

බිත්තර ආනයනය කිරීමේදී පනවා තිබූ ආනයන බද්ද පසුගියදා අඩු කළද එය අදාල වන්නේ රාජ්‍ය අංශයට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද සවස රුවන්වැල්ලදී පැවති ක්‍රීඩා වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුයේ බිත්තර ආනයනය කිරීමට හේතුවූයේ රටතුළ පවතින බිත්තර හිඟය බවයි. බිත්තර හිඟය ආහාර නිෂ්පාදන කර්මාන්තය පවත්වාගෙන යෑමට බාධාවක් බැවින් බිත්තර ආනයනය සඳහා පැවති බද්ධ අඩුකළද, එය අඩු කිරීම අදාල වන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහා පමණක්ම බවද අමාත්‍යවරයා පැවසීය.

එසේ ආනයනය කරන බිත්තර සියල්ල තොග වශයෙන් නිෂ්පාදන කර්මාන්ත වලට ලබාදෙන බවත් ඒ හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදකයාට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.