― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsබිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කෙරේ

බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කෙරේ

බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය තවත් වසර 05කින් දීර්ඝ කිරීමට සැලසුම්කර තිබෙනවා. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසන්නේ වාර්ෂිකව අත්සන් කිරීමේ පදනම මත වසර 2023 සිට 2027 දක්වා මෙම ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කිරීමට අපේක්ෂිත බවයි. 

 ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. බිම්බෝම්බ ඉවත් කිරීම 2002 වසරේදී එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ මූලිකත්වයෙන් දේශීය හා විදේශීය රාජ්‍ය නොවන ආයතනයන්හි සහයෝගය ඇතිව ආරම්භ කළ අතර  2013 වසරේ දී එම අරමුදල මෙම ක්‍රියාවලියෙන් ඉවත්වූ අතර එතැන් සිට බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය එම කටයුතු සිදුකළා.

ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති ලෝක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට අනුව වසර 2028 වන විට ශ්‍රී ලංකා බිම්බෝම්බ අවදානමෙන් තොර රටත් බවට පත්කළ යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුව 2022 අංක 03 දරණ පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පණත සම්මත කර ඇත්තේ ඊට අදාළවයි.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා වර්ග කිලෝමීටර 15 ක භූමි ප්‍රමාණයක් ඉතිරිව ඇති අතර තවදුරටත් හඳුනා නොගත් වර්ග කිලෝමීටර 02ක භූමි ප්‍රමාණයක් ද ස්ථිර අනතුරුදායක ප්‍රදේශ ලෙස වාර්තා වී තිබේ. 

 ශ්‍රී ලංකාව එම සියලු ප්‍රදේශයන්හි බිම්බෝම්බ ඉවත්කිරීම කඩිනමින් අවසන්කර 2027 වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්කිරීමට අවසන් ක්‍රමෝපායික සැලැස්ම ද සකස් කර තිබෙනවා.  එම සැලැස්ම සැකසීම සඳහා ජීනිවා හි ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ ද සහාය ලැබී තිබෙනවා.