27.2 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය අදින් ඇරඹේ

මානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය අදින් ඇරඹේ

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය ජිනීවා හිදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (27) පස්වරු හතරට ආරම්භ වීමට නියමිතය.

අදියර කිහිපයක් යටතේ මෙම සැසිවාරය පැවැත්වෙන අතර ඉන් පළමු අදියරයේදී ශ්‍රී ලංකාව ගැන අවධානයට ලක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජගත් මානව හිමිකම් කොමිසමේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මාර්තු 08 සහ 09 දිනවල එය සලකා බැලෙනු ඇති බවයි. 51 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට කරුණු 12ක් සම්බන්ධයෙන් අවශ්‍ය සාධනීය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වසර 3ක කාලසීමාවක් ලබාදීමට මානව හිමිකම් කොමිසම අනුමැතිය ලබා දුන්නේය.