30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ කොමිසමේ ඉල්ලීම ගැන කථානායකගෙන් මුදල් ඇමතිට ලිපියක්

මැතිවරණ කොමිසමේ ඉල්ලීම ගැන කථානායකගෙන් මුදල් ඇමතිට ලිපියක්

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබාගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් යොමුකළ ලිපියට අදාළ සිය ප්‍රතිචාරය මුදල් අමාත්‍යවරයා වෙත යොමුකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

මැතිවරණය සඳහා මුදල් ලබාගැනීමට මැදිහත් වන ලෙස දන්වමින් පසුගිය සිකුරාදා (24) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් කථානායකවරයාට අදාළ පිලිය යොමුකර තිබුණා.

මේ අතර මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීම පිළිබඳව ලබන මස 03 වනදා මැතිවරණ කොමිෂන් සභාව සිදුකරන ප්‍රකාශයෙන් පසු තීරණය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.